Posts

රවි ගුරු දුරස්කල විවාහය.

Image
  රවි ගුරු දුරස්කල විවාහය. මෙම කේන්ද්‍රය අනුව ජන්මියාගේ විවාහය සලකා බලමු. මෙහි මේෂ, මීන, ධනු රාශි ත්‍රිත්වය ක්‍රියාරාශී වන අතර කුජ රවි, ශනි ක්‍රියා ග්‍රහයන් බවට පත්ව ඇත, ගුරුට අයත් මීන, ධනු රාශි දෙකම ක්‍රියා රාශී බවට පත්ව ඇති නිසා ගුරුගේ බලයද අතිශය ප්‍රධාන වෙයි. උත්පත්ති ගති සභාවයන් දැක්වෙන මේෂ, ධනු, මීන යන රාශි තුනම විවාහයට එතරම් සුබදායක නොවන රාශී වන අතර විවාහ ගැටලු ඇතිවිය හැකි රාශීන් බව අපට පෙනේ. නමුත් රාශිය පමණක් බලා විවාහයේ ස්වභාවය නිශ්චිතව නිර්ණය කල නොහැකි අතර ඉන් එපිට කරුණු පිළිබඳව ද අපි මීළඟට සලකා බලමු.  විවාහය ගැන සලකා බැලීමේදී හතෙහි උප අධිපති සහ ඔහුගේ නැකැත් අධිපති උප අධිපති පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය. මෙහි හත්වැන්නේ උප අධිපති සිකුරු වන අතර සිකුරුගේ නැකැත් පති සහ උපපති පිළිවෙලින් ගුරු සහ රවි වෙයි. හත්වැනි ස්ඵුඨයේ උප අධිපති සිකුරු වුවද සිකුරුගේ නැකතක සෙනසුරු ග්‍රහයා ගමන් කොට ඇති නිසා සිකුරුගේ බලය සිකුරුට අහිමි වී ඇත. එසේ බලන කල හත්වැනි ස්ඵුඨයේ උපපති සිකුරු පාලනය කිරීමේ බලය ගුරුට සහ රවිට හිමිව ඇත. මෙම කේන්ද්‍රයට අනුව රවි සහ ගුරු පිළිබඳව සලකා බලන කල මොවුන් දෙදෙනා ඒකාංශක

රෝග නිර්ණය

Image
ජන්මියකුගේ රෝග නිර්ණය කිරීම (උපත් විස්තර රහසිගතය ඉහත කේන්දර සටහන භාවිතා කරන්න.) වර්ථමාන කාලය තුළ විමසන ප්‍රශ්නයකදී වර්තමානය තුළ ගතවෙන දශාවත් උපතින් ජන්මියාට ඇතිකර දී ඇති බලයන් සොයා බැලීම ප්‍රශස්ත වෙයි. මෙහිදී දශාව මුල් කරගෙන පලාපල පවසන ආකාරය අපි විශේෂයෙන් සලකා බලමු.  දශාවේදී ලබාදෙනුයේ උත්පත්ති ග්‍රහ බලයට අයත් ඵලය වන අතර ඕනෑම කෙනෙකුගේ දශා ඵලයන් ප්‍රකාශ කිරීමට පෙර උත්පත්ති බලය සැලකිය යුතු වෙයි. මෙම ජන්ම පත්‍රයට අනුව සූර්ය ලග්නය මේෂ වන අතර චන්ද්‍ර ලග්නය මකරයද උදා ලග්නය කුම්භයද බවට පත්ව ඇත. මෙහි ක්‍රියා ග්‍රහයන් ලෙස නැප්චූන් යුරේනස් සහ සිකුරු ක්‍රියාත්මක වෙයි. ඕනෑම කේන්ද්‍රයක සූර්ය චන්ද්‍ර සහ උදා ලග්නයන්හි බලයද ක්‍රියා ග්‍රහයන්ගේ බලයද ප්‍රධාන වන බව බොහෝ ජ්‍යොතිර්වේදීන් දන්නා කරුණකි. මෙම ජන්මියා ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසීමක් කරන නිසා අනෙක් කරුණු පසෙක තබා ඒ පිළිබඳව නිරීක්ෂණය කරනු ලැබේ.  බොහෝ අය රෝග ලක්ෂණයන් සය වැන්නෙන් පරීක්ෂා කළද සූර්ය චන්ද්‍ර ජන්ම යන ලග්න තුනෙහි බලපෑම ජන්මියා කෙරෙහි අභ්‍යන්තරයෙනම බලපාන නිසා එම රාශිවල ඇති හැකියාවන් මෙන්ම දුර්වලකම්ද ජන්මියාට ඇතිවේ. එනම් එම රාශී වලට බලපා

තත්කාලය - පැමිණි කාරණය නිර්ණය කිරීම)

Image
  පැමිණි කාරණය නිර්ණය කිරීම සේවාදායකයා පැමිණි ලග්නය මිථුන වන අතර එය විශ්ව කේන්ද්‍රයේ තුන් වැන්න ය. එහි අධිපති හය වැන්නේ තැන්පත් වී ඇත. 6 වැන්න වෘශ්චිකයයි. එනම් විශ්ව කේන්ද්‍රයේ අටවැන්න ය. එතැන 3 6 8 කියැවෙයි. බුධ ගේ නැකත් අධිපති බුධ ම ය. බුධ නැවත 6 8 කියයි (6 වැන්න වන වෘශ්චික යේ තැන්පත් නිසා.) එසේ බලන කල ජන්මියා පැමිණ ඇත්තේ තුන්වැන්නෙන් කියන කාරණයක්, අසනීපයක් හෝ අනතුරක් වැනි දෙයක් ගැන විමසීමට යැයි සැක කළ හැක. ලග්න අධිපති හය වැන්නේ නිසා හයවැන්නේ සම්බන්ධය ප්‍රබල බව පෙනේ. තව අයුරකින් බලන කල එම බුධ හතරවන දෘෂ්ටියෙන් නවවැන්න ද, සප්තම දෘෂ්ටියෙන් දොළොස්වැන්න ද, අටවන දෘෂ්ටියෙන් ලග්නයද දකින නිසා 1, 6, 9, 12 කියැවෙයි 1 තමා ගැන කියන අතර හය අසනීපයක් ගැන ද, 9 රැකියාවෙන් ඉවත් වීමක් ගැන ද, 12 රෝහල් ගතවීමක් ගැන ද කියයි. 1, 6, 9, 12 නියෝජනය යනු අනිවාර්යයෙන් තමා රෝහල්ගත වීමකි. එලෙස බලන කල ජන්මියා ඉදිරියේ රෝහල් ගතවීමක් ගැන ප්‍රශ්න කරයි  දැන් හෝරා අධිපති අනුව කියවෙන දේ බලමු. හෝරා අධිපතියා 4 වැන්න වූ කන්‍යාවේ තැන්පත් ය. කන්‍යා යනු විශ්ව කේන්ද්‍රයේ 6 වැන්න ය. 4 වැන්නවූ කන්‍යාවේ තැන්පත් සඳු තුන්වන දෘෂ්ටියෙන්
Image
  ඔබේ මනස ගැන කියන නියපොතු සහ ඇඟිලි - දිග ඇඟිලි සහ දිග නියපොතු - ඔබව මානසික පැත්තට නැඹුරු කරන අතර කෙටි ඇඟිලි සහ කෙටි නියපොතු ඔබව ප් ‍ රායෝගික පැත්තට නැඹුරු කරයි ඉතා දිග නිය සහ දිගු ඇඟිලි ඇති පුද්ගලයා සතුව ඉතා හොඳ සැලසුම් ඇති අතර ඔහු එම සැලසුම් ප් ‍ රායෝගික කිරීම අඩුය. වැඩ කල් දමයි. නැතිනම් ආරම්භ කළද එක දිගට පවත්වාගෙන නොයයි මගදී නතරකර දමයි. උදාහරණයක් ලෙස ඔබ ඇඟිලි සහ නියපොතු දිග විභාග අපේක්ෂිත පාසල් ශිෂ් ‍ යයෙක් හෝ ශිෂ් ‍ යාවක්නම් පාඩම් කිරීමට සැලසුම් හදනවා ඇත. නමුත් ප් ‍ රායෝගික වීම අඩුය. උදේට අද රෑ සිට පාඩම් කරන බවට හිතාගනී. හවසට අනිවාර් ‍ යයෙන් හෙට උදේ සිට පාඩම් කරනබව සිතයි. මෙලෙස පාඩම් කිරීම කල් යයි. නිවසින් බැහැරට ගියපසු අපරාදෙ පාඩම් කිරීමට ඇති කාලය යැයි සිතයි. පසුව විභාගය ආසන්නයේ මානසික පීඩාවට පත්වෙයි. - ඇඟිලි සහ නිය කෙටි අය - ප් ‍ රායෝගිකය වඩා දීර්ඝ සැලසුම් නැත. කරන වැඩය ඉක්මනින් කර අවසන් කරයි. මොවුන්ට කේන්ති යන ගති ඇත. එය ඔවුන් විසින් පාලනය කරගත යුතුය.